ඔක්සිජන් මත යැපෙන කොවිඩ් 19 ආසාදිතයින් ගණන ශීඝ්‍රයෙන් ඉහලට

රෝහල් තුළ ඔක්සිජන් මත යැපෙන කොවිඩ් 19 ආසාදිත රෝගීන් ගණන ශීඝ්‍රයෙන් ඉහල යමින් පවතින බව වෛද්‍ය තාක්ෂණික සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි පවසනවා.

“පසුගිය සතිය එක්ක සංසන්දනාත්මකව බැලුවම කොවිඩ් 19 රෝගීන් වැඩිවීම සීයට විස්සකින් විතර වැඩිවීමක් වාර්තා වෙනවා. ආසාදිත මරණ වාර්තාවීම් 17% කින් විතර ඉහල ගිහින්. ඔක්සිජන් මත යැපෙන රෝගීන් ගණන 12% කින් විතර ඉහල ගිහින්. දැඩි සත්කාර වල ඉන්න රෝගීන් ගණන 3% කින් විතර වැඩි වෙලා.
බූස්ටර් මාත්‍රාව නොගත්ත රෝගීන් ගණන අතරින් රෝහල්ගත වීම 8% – 10% ත් අතර ගණනක් වාර්තා වෙනවා. දැනට දවසකට කොවිඩ් 19 ආසාදිත මරණ ගණන 30 විතර අගයක තියෙන්නේ. ඒ පිරිස අතරින් 60% – 65% අතර ගණනක් බූස්ටර් එන්නත් මාත්‍රාව අරගෙන නැහැ” යි වෛද්‍ය අන්වර් හම්දානි කියා සිටිනවා.

POPULAR

Recent articles