අද (15) සිට දෛනික විදුලි කප්පාදුවක්

අද (15) සිට විදුලි කප්පාදුවක් දිනපතාම සිදු විය හැකි බව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරනවා. ඒ සඳහා වන ක්‍රමවේදය අද පස්වරුවේ දැනුම් දෙන බව කොමිසමේ සභාපති ජනක රත්නායක සඳහන් කරනවා.

ඉදිරි මාස තුනක කාලය සඳහා ජනතාව අපහසුතාවයට පත් නොවන ලෙස විදුලි බලය කළමනාකරණය කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වා දෙන බව ඔහු පවසනවා. මෙවර විදුලි කප්පාදුව කාණ්ඩ ක්‍රමයකට වෙන්කර සම්ප්‍රදානුකූලව සිදු නොකරන බවත් ඉල්ලුම සැපයුම මත නව ක්‍රමවේදයකට සිදු කරන බවත් ඔහු සඳහන් කරනවා.

ජල විදුලි බලාගාර ජල මට්ටම පහළ වැටීම සහ තාප බලාගාර වල ඉන්ධන සීමා වීම් මත මෙම තත්වය ඇති වී තිබෙන බවත් කොමිසමේ සභාපති ජනක රත්නායක පවසනවා.

අප්‍රේල් මාසය අවසන් වන තෙක් දෛනික විදුලි කප්පාදුවක් සිදු වන බව ලංකා විදුලි බල මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිසන් සභාවට නිල වශයෙන් දැනුම් දී ඇති බවද සඳහන් වෙනවා.

POPULAR

Recent articles