මෙරටට ගෙන්වන ලද අත්‍යවශ්‍ය භාණ්ඩ අඩංගු බහාලුම් 2300 ක් පමණ කොළඹ වරායේ සිරවී ඇතැයි අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.
එහි මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න සඳහන් කරන්නේ එම බහාලුම්වල සීනි, පරිප්පු හා සහල් අඩංගු බවයි.
කෙසේ වුවද ලොකු ළූණු සහ අර්තාපල් වැනි දෑ කඩිනමින් නිදහස් කර ගැනීමට පියවර ගන්නා බව ඔහු පවසනවා.
මෙම බහාලුම් නිදහස් කර ගැනීමට නොහැකි වී ඇත්තේ ඩොලර් හිඟය හේතුවෙනුයි.
නිහාල් සෙනෙවිරත්න පැවසුවේ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් සමග පැවැති සාකච්ඡාවකදී හැකි ඉක්මණින් ඒවා නිදහස් කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බවට ප්‍රකාශ කළ බවයි.