‘ආණ්ඩුවේ ඉහලම පෙලේ දේශපාලනඥයෙකුගේ’ බැංකු ගිණුමක තිබූ රුපියල් කෝටි හතරකට අධික මුදලක් වංචා කර ඇති මාධ්‍ය වාර්තා කරනවා. ඔහුට සමීපව සේවය කළ පෞද්ගලික කාර්යය මණ්ඩලයේ ලේකම්වරයෙකු මෙම වංචාව සිදුකර ඇති බවයි වාර්තා වන්නේ. මේ මුදල් වංචාව පිළිබඳව ගිණුම පවත්වාගෙන ගිය ලංකා බැංකුව සහ වෙනත් අදාළ අංශ පරීක්ෂණ ආරම්භකර තිබෙන බවයි කියන්නේ.
“කලක් පාර්ලිමේන්තුවේ අමාත්‍යධුර කිහිපයක් මෙන්ම කතානායකවරයෙකුද ලෙස කටයුතු කළ දැනට ජීවතුන් අතර නැති ප්‍රභල දේශපාලනඥයෙකුගේ පුත්‍රයෙකු වන මෙම සැකකාර පෞද්ගලික සහායකයා කලක් පාර්ලිමේන්තුවේ මන්ත්‍රී පදවිය ද දැරුවේය” යනුවෙන් මාධ්‍ය සටහන් කර තිබෙනවා.
වසර හයකට ආසන්න කාලයක්ම මෙම ‘ආණ්ඩුවේ ඉහලම පෙලේ දේශපාලනඥයෙකුගේ’ බැංකු ගිණුමට යොමුකෙරෙමින් තිබූ ඔහුගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට හිමි වැටුප මෙලෙස වංචා කර ඇති බවයි කියන්නේ.
වාර්තා වන මෙම මුදල් වංචාව පිළිබඳව සමාජ මාධ්‍යද විවිධ තොරතුරු ප්‍රචාරය කරමින් සිටිනවා.
මේ සිදුවීම පිළිබඳව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය අංශයෙන් අප කළ විමසීමකදී කියා සිටියේ දැනට මේ පිළිබඳව කිසිවක් කිව නොහැකි බවයි.
හිටපු අමාත්‍යවරයෙකු මෙන්ම කතනායකවරයකු ද වූ විජමූ ලොකුබණ්ඩාරගේ පුතෙකු වන, බදුල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් කලෙක පාර්ලිමේන්තුවට තේරී පත්වූ සහ කලක් රාජ්‍ය ආරක්ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරයා ලෙසද කටයුතු කළ උදිත ලොකුබණ්ඩාර මහතා මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධූරය දැරූ වකවානුවේදී ඒ මහතාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙසත් පසුව අගමැති මහින්ද රාජපක්ෂගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම්වරයා ලෙසත් පත් කරනු ලැබුවා.
මෙම සිදුවීම පිළිබඳව තොරතුරු දැනගැනීමට අප ඔහුගෙන් විමසීමට උත්සහ කළත් ඔහුව සම්බන්ධ කර ගැනීමට නොහැකි විය.