කොළඹ, මල් පාරේ පිහිටි නවීකරණය කරන ලද “සිරිමතීපාය” අග්‍රාමාත්‍ය කාර්යාලය විවෘත කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (20) පෙරවරුවේ සිදු කෙරුනා .මෙහි සමරු ඵලකය නිරාවරණය කළ ජනාධිපතිවරයා අනතුරුව ජනාධිපතිවරයා නිල ලේඛනයකට අත්සන් තබමින් එහි රාජකාරී ආරම්භ කළා.
නවීකරණය කරන ලද අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රදර්ශනයට තබා ඇති ඡායාරූප ද නැරඹූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම කාර්යාල පරිශ්‍රය ද නිරීක්ෂණය කළා. අනතුරුව රාජකාරී ආරම්භ කිරීම සනිටුහන් කරමින් මුල් දින කවරයක් සහ සමරු මුද්දරයක් නිකුත් කිරීම ද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මෙහිදී සිදු කෙරුණා.
ඇල්බට් එම්මානුවෙල් ද සිල්වා මහතා විසින් සිය පුත් ශ්‍රීමත් ඇල්බට් අර්නස්ට් ද සිල්වා මහතා වෙනුවෙන් වර්ෂ 1916 දී ඉදිකර ඇති මෙම දෙමහල් මන්දිරය එතුමාගේ අභාවයෙන් පසු වර්ෂ 1960 දී පවුලේ සාමාජිකයන් විසින් රජයට පවරා දෙනු ලැබුවා. පසුව අධ්‍යාපන හා ගුවන් විදුලි අමාත්‍යාංශය, පළාත් පාලන හා නිවාස ඉදිකිරීම් අමාත්‍යාංශය ආදිය එකල සිරිමතීපායෙහි පවත්වාගෙන ගොස් ඇති අතර වර්ෂ 1978 දී අග්‍රාමාත්‍යවරයාව සිටි රණසිංහ ප්‍රේමදාස එහි අග්‍රාමාත්‍ය කාර්යාලය පිහිටවනු ලැබුවා.
වසර සියයකට වඩා අධික “සිරිමතීපාය” පැරණි සැලසුමට අනුවම පූර්ණ නවීකරණයට ලක් කෙරුණේ වසර 44කින් පසුවයි.