ඡන්ද අභිමුව මතුවන ජාතිවාදය

ඡන්ද අභිමුව මතුවන ජාතිවාදය

මුස්ලිම් ජනතාව විසින් සිංහල ජනතාව විනාශ කිරීමේ සංවිධානාත්මක සැලැස්මක් ක්‍රියාත්මක වන බව අතුරලියේ රතන හිමි පවසනවා. මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කොට ඔවුන්ගේ එම ක්‍රියාදාමයන් පැරදවීමට කටයුතු කළ යුතු බවයි හිමියන් වැඩිදුරටත් සඳහන් කළේ .

පසුගිය ජනාධිපතිවරණයේදී මෙන්ම ආණ්ඩුව නැවත ජාතිවාදය , අන්තවාදය මතුකර පෙන්වීමේ වැඩසටහනක් සිදුකරන බව ජාතික ජනබලවේගයේ අපේක්ෂක K.D.ලාල් කාන්ත මහතා පවසනවා . මෙය මැතිවරණයක් ආසන්නයේදී බලය ලබා ගැනීම සඳහා සිදුකරන උපක්‍රමයක් බවයි වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පෙන්වා දෙන්නේ.

ශ්‍රී ලංකාවේ කිසිදු පෞද්ගලික බැංකුවක ඇති ගිණුම් ඉවත් කර ගන්නා ලෙස, තමන් මුස්ලිම් ජනතාවට දැනුම් දී නැති බව සමස්ථ ලංකා ජම්ඉයියතුල් උලමා සංවිධානය පවසනවා.
ප්‍රසිද්ධ පෞද්ගලික බැංකුවක මුස්ලිම් ජාතිකයන් සතු ගිණුම් ඉවත් කර ගන්නා ලෙස එම සංවිධානය විසින් අනුබල දී ඇති බවට පසුගියදා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සඳහන් කර තිබුණා.

ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදී එම සංවිධානයේ මාධ්‍ය ලේකම් ෆසිල් ෆාරුක් මහතා පැවසුවේ රතන හිමි සිදුකළ එම ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය එකක් වන අතර, එය ජාතීන් අතර භේද ඇති කිරීම සඳහා උත්සාහ කිරීමක් බවයි

POPULAR

Recent articles