දිනකට රුපියල් කෝටියක ප්‍රමාද ගාස්තු ගෙවන්නේ වරාය අධිකාරිය ද ? රජය ද ? – වෘත්තීය සමිති අසයි
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ස්ථාපිත කිරීම සඳහා ගෙන්වූ ගැන්ට්‍රි දොඹකර ගොඩබෑම ප්‍රමාද කිරීමට රජය කටයුතු කිරීම හේතුවෙන් දිනකට රුපියල් කෝටියක පමණ මුදලක් ප්‍රමාද ගාස්තු වශයෙන් ගෙවීමට සිදුව ඇති බව සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතිය පවසනවා.
එහි ලේකම් චන්ද්‍රසිරි මහගමගේ ප්‍රකාශ කළේ පසුගිය දින කිහිපය තුළ අදාළ දොඹකර සවිකිරීම රජය විසින් හිතාමතා ප්‍රමාද කිරීම තුළ මෙම මුදල් ප්‍රමාණය වරාය අධිකාරීය විසින් ගෙවීමට සිදුව ඇති බවයි.