එජාපයේ අර්බුදය ?
සජිත් ප්‍රේමදාස ඇතුළු කණ්ඩායමට කිසිදු අවස්ථාවක තවත් දේශපාලන පක්ෂයක් බිහි කිරීමට කෘත්‍යාධිකාරී මණ්ඩල අනුමැතියක් ලබා නොදුන් බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ,කොළඹ මහ නගර සභා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම සමග ඊයේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති සාකච්ඡාවක දී මේ බව කියා සිටි අතර ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ පක්ෂයේ විනය ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය පියවරද ගත් බවයි.
පක්ෂ විනය කඩ කරමින් වෙනත් දේශපාලනික පක්ෂයකින් නාම යෝජනා අත්සන් කළ පිරිසගෙන් මේ වන විටත් නිදහසට කරුණු විමසා ලිපි යොමු කර තිබෙනවා .ඔවුන් ඉදිරිපත් කරනු ලබන කරුණු සලකා බලා පක්ෂයේ නෙරපීම සම්බන්ධයෙන් ඉදිරියේ දී කටයුතු කරන බවයි රනිල් වික්‍රමසිංහ මහතා පවසන්නේ.
මේ අතර කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධුරයෙන් රෝසි සේනානායක මහත්මිය ඉවත් කිරීමට එක්සත් ජාතික පක්ෂයේ අවධානය යොමු වී තිබෙනවා.
#COVID_19 #Corona
#කොරෝනාඔබඅද්දරට_ම
#StaySafe_StayHome_everyone !
#covid_19_WHO_SriLanka
#A5_News_SriLanka
එක්වන්න ප්‍රධාන පුවත් විකාශය සමඟ !
https://www.facebook.com/A5News.lk/
https://www.youtube.com/