පනින්න හැදූ තවත් 06ක් අල්ලයි

නීති විරෝධීව මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකරන පුද්ගලයන් 06 දෙනෙකු තලෙමන්නාරම, වැලිපර ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසනවා.

උතුරු මැද නාවික විධානයට අනුයුක්ත ශ්‍රී ලංකා නාවික නෞකා තම්මැන්නා ආයතනය තලෙමන්නාරම, වැලිපර ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී වැලිපරයක සැකකටයුතු ලෙස රැඳී සිටි පුද්ගලයින් පිරිසක් නිරීක්ෂණය වීමෙන් පසුව පරීක්ෂාවට කළ බවත් නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට යාත්‍රාවක් පැමිණෙන තෙක් රැඳී සිටි බවට සැක සහිත වයස අවුරුදු 18ට වැඩි පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු, කාත්තාවක් සහ වයස අවුරුදු 18ට අඩු තිදෙනෙකු ඇතුළු පුද්ගලයන් 6 දෙනෙකු එහිදී භාරයට ගත් බවත් නාවික හමුදාව කියා සිටිනවා.

එම පිරිස වව්නියාව හා මොරවැව යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවට හඳුනා ගත් බව කී නාවික හමුදාව ඉදිරි නීතිමය කටයුතු සඳහා ඔවුන් තලෙමන්නාරම පොලිසිය භාරදුන් බව ද සඳහන් කර සිටිනවා.

POPULAR

Recent articles