ඉදිරි ඕනෑම මැතිවරණයට ඉදිරිපත් වන්නේ උත්තර ලංකා සභාගය ලෙසින් බව එහි සභාපති විමල් වීරවංශ කියා සිටිනවා.
ඊයේ (18) පැවති එහි පළමු විධායක මණ්ඩල රැස්වීමට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මේ බව සඳහන් කර සිටියා.
සර්ව පාක්ෂික ආණ්ඩුවක් සම්බන්ධයෙන් ඉදිරිපත් කළ ප්‍රතිපත්තිය ආණ්ඩුව බැහැර කර ඇති බවත් දැන් සිදුවෙමින් පවතින්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ වේශ නිරූපණය සහිත පොහොට්ටු පාලනයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ එහිදී වැඩිදුරටත් කියා සිටියා.