මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු පස් දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ නඩු විභාගය කොළඹ මහාධිකරණය අද දින නියම කළේය. නඩුව වැඩිදුර විභාගය දෙසැම්බර් 8 වැනිදා කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ නියම කළේය .
නඩුවේ සාක්ෂිකරුවන්ට මීළඟ නඩු දිනයේදී අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ද විනිසුරුවරයා දැනුම් දුන්නේය.
යහපාලන රජය සමයේ ගවර්ස් කෝපරේට් සර්විසස් (පුද්ගලික) සමාගම හරහා රුපියල් කෝටි තුනක මුදල් විශුද්ධිකරණයට සම්බන්ධ බව කියන නාමල් රාජපක්ෂ ඇතුළු පස් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබුණි.
Related

හිටපු ඇමති නාමල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් හතර දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන පැමිණිල්ල දෙසැම්බර් මස 8 වන දා යළි කැඳවන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (04) නියම කර තිබෙනවා. ඒ එම පැමිණිල්ල අද (04) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් නන්දන අමරසිංහ ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේ. එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේ, එම…

හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් හය දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර ඇති නඩුව වැඩිදුර විභාගය සඳහා සැප්තැම්බර් මස 14 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබෙනවා. එම නඩුව අද (28) කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ ඉදිරියේ කැඳවනු ලැබූ අතර එහිදී නාමල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් අධිකරණයේ පෙනී සිටියා. ඔවුන්ට…

"චෝදනාවලින් නිදහස් කරනවා වගේ දෙයක් නේද? නිතර නිව්ස්වලින් ඇහෙනවා. නමුත් හරියට මොකක් ද වෙන්නේ, නීතිමය තත්ත්වය මට පැහැදිලි නැහැ," ලිපිකාරිනියක ලෙස සේවයේ නිරත උදයංගී පෙරේරා පැවසීය. සුළු ව්‍යාපාරයක නිරත පද්මා බණ්ඩාර පැවසුවේ, "නිව්ස්වල ඇහෙනවා, ඊට පස්සේ අපරාධකාරයෝ එළියට එනවා තමයි දකින්නේ. අපරාධ කරන අයට බේරෙන්න තියෙන දෙයක් කියලා තමයි මගේ…