06 වන වරටත් ආසියානු කුසලාන ක්රිකට් තරඟාවලියක ශූරතාවය ජය ගැනීමට ශ්රී ලංකා කණ්ඩායම ඊයේ (11) සමත් වුණා.
ඒ මෙවර පැවැති පන්දුවාර විස්සයි විස්ස ආසියානු කුසලාන තරඟාවලියේ අවසන් මහා තරගයේ දී පාකිස්තාන කණ්ඩායම ලකුණු 23 කින් පරාජයට පත් කරමිනුයි.
ඒ අනුව ඊයේ (11) පැවති අවසන් තරඟයේ වීරයා ලෙස ශ්රී ලංකා කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට ලෙස පන්දුවට පහරදුන් භානුක රාජපක්ෂ නම් කර ඇති අතර තරඟාවලියේ වීරයා ලෙස වනිදු හසරංග නම් කර තිබෙනවා.