ශ්‍රී ලංකාව ඇතුළු රටවල් බොහොමයක ණය තත්ත්වය යහපත් තත්ත්වයක නොමැති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටලිනා ජෝර්ජිවා පවසනවා.
ඇය මේ බව පවසා ඇත්තේ, නෙදර්ලන්තයේ පැවැත්වෙන අප්‍රිකානු සමුළුව අමතමිනුයි.
කොවිඩ් 19 වෛරසයෙන් බැට කෑ ජනතාව මේ වනවිට උද්ධමනයෙන් පීඩා විඳිමින් සිටින බවත් මෙම අවස්ථාවේ සියලු මනුෂ්‍ය වර්ගයාට එකට එකතුවීම සඳහා ආරාධනා කිරීමට පසුබට නොවිය යුතු බව ද ඇය පවසා තිබෙනවා.
ජෝර්ජිවා සමුළුව අමතමින් වැඩිදුරටත් පවසා ඇත්තේ, උද්ගතව ඇති මෙම තත්ත්වය එක් රටකට පමණක් උරුම වූ තත්ත්වයක් නොවන බවත් ශ්‍රී ලංකාව ඇතුළු රටවල්වලට ණය බර දරාගත නොහැකි තත්ත්වයක් මතුවෙමින් පවතින බවයි.
දිළිඳු රටවල් 60%ක් ණය ගෙවා ගත නොහැකි අවදානම් තත්ත්වයේ පසුවන බැවින් ආර්ථික ක්‍රියාදාමය පිළිබඳව සාමාන්‍ය ආකාරයට සිතිය නොහැකි බව හා බලවත් බැංකු පද්ධතියක හා ස්ථාවර ආර්ථිකයක අවශ්‍යතාවය ඇය එහිදී පෙන්වා දී තිබෙනවා.