පාන් පිටි මිල ඉහල දැමීමත් සමඟ කොත්තු ඇතුළු අනෙකුත් ආහාර මිල ගණන් අදාළ ව්‍යාපාරිකයින් විසින් මේ වනවිට ඉහළ දමා ඇති බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය කියා සිටිනවා.
එම සංගමය වැඩිදුරටත් සඳහන් කරන්නේ කොත්තුවක් රුපියල් 100කින් පමණ හා බිත්තර රොටි, එළවළු රොටි හා රෝල්ස් ඇතුළු කෙටි කෑම රුපියල් 10ත් 15ත් අතර මුදලකින් ඉහළ දමා ඇති බවයි.