රට බංකොලොත් කිරීමේ චෝදනාව මහ බැංකු අධිපතිට සහ අමාත්‍ය අලි සබ්රි එල්ලකිරීම සඳහා ව්‍යාපාරයක් ක්‍රියාත්මක බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පවසනවා. අද (02) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.
විපක්ෂ නායකවරයා අප්‍රේල් මාසයේ ණය අත්හිටුවීමට ණය හිමියන් සමඟ සාකච්ඡා කරන ලෙස හිටපු මුදල් අමාත්‍ය අලී සබ්රි දැනුවත් කළ බව ද ඔහු වැඩි දුරටත් කියා සිටියා. කෙසේ වෙතත් හිටපු මුදල් අමාත්‍ය අලී සබ්රිට ඒ සඳහා අවස්ථාවක් නොලැබුණ බව හා වත්මන් මහ බැංකු අධිපතිවරයා එම කාලයේ ධූරයේ කටයුතු නොකළ බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා කියා සිටියේ.