ශ්‍රී ලංකාව මේ වනවිට මුහුණදී ඇති ණයබරින් මිදී තිරසර සංවර්ධනයක් ඇතිකර ගැනීම සඳහා ගන්නා ප්‍රයත්නයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ අනෙකුත් ජාත්‍යන්තර ආයතනවල සහාය අත්‍යවශ්‍ය බව මෙරට පිහිටි චීන තානාපති කාර්යාලය පවසනවා.
ඔවුන් පවසන්නේ ශ්‍රී ලංකාවේ මිත්‍රශීලි අසල්වැසියෙක් ලෙස සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රමුඛ කොටස්කරුවෙක් ලෙස තමන් ශ්‍රී ලංකාවට උදව් කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ අනෙකුත් මූල්‍ය ආයතන සැමවිටම ධෛර්යමත් කරන බවයි.