යුරෝපයේ රටවල් රැසකට බලපා ඇති සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් ළමුන් තිදෙනෙකුද ඇතුළුව පුද්ගලයින් 12 දෙනෙකු මියෙගාස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
විදෙස් වාර්තා සඳහන් කරන්නේ ගස් කඩා වැටීමේ සිද්ධීන් රැසක් ඉතාලිය, ඔස්ට්‍රියාව හා ප්‍රංශයේ කෝසිකා දිවයිනෙන් වාර්තා වී ඇති බවයි.
යුරෝපයට බලපා ඇති සුළි කුණාටුව මේ වන විට පැයට කිලෝමීටර් 224 ක වේගයකින් හමා යමින් තිබෙනවා.
ඊයේ (18) දිනයේදී Corsica වෙත පැමිණි අභ්‍යන්තර කටයුතු අමාත්‍ය Gérald Darmanin මාධ්‍ය වෙත පවසා ඇත්තේ පුද්ගලයින් 20 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.
ඔවුන්ගෙන් හතර දෙනෙකුගේ තත්ත්වය බරපතල බවද ඔහු කියා සිටිනවා.
එමෙන්ම අමාත්‍යවරයා පවසා ඇත්තේ ස්වාභාවික විපත් තත්වයක් ප්‍රකාශයට පත් කළ හැකි බවයි.
විදෙස් වාර්තා සඳහන් කරන්නේ දේශගුණික විපර්යාස හේතුවෙන් ආන්තික කුණාටු මෑතක දී නිතර නිතර ඇති වූ බවයි.
කුණාටු පිළිබඳ ප්‍රදේශවාසීන් පවසා ඇත්තේ ඒවා සම්පූර්ණයෙන්ම අනපේක්ෂිත බවත් තමන්ට කිසිවෙකු අනතුරු ඇඟවීමක් නොකළ බවත්ය.
“මෙවැනි විශාල කුණාටු අප කිසි දිනෙක දැක නෑ, එය නිවර්තන කුණාටුවක් යැයි ඔබ සිතනු ඇත” අවන්හල් හිමිකරු සෙඩ්රික් බෝල් රොයිටර් පුවත් ඒජන්සියට පවසා තිබෙනවා.
Tuscan ප්‍රාදේශීය නායක Eugenio Giani විසින් Piombino හි දැඩි සුළං හේතුවෙන් ෆෙරිස් රෝදයක් පාලනයෙන් මිදී කැරකෙන වීඩියෝවක් සිය Twitter ගිණුමෙහි පළකර තිබෙනවා.
A #Piombino durante il passaggio del violento fronte temporalesco. Allerta gialla estesa fino a domani! pic.twitter.com/sVn9OeOfpM
— Eugenio Giani (@EugenioGiani) August 18, 2022