දෙසැම්බර් මස අවසාන කාලය පමණ වන විට රට තුළ සහල් හිඟයක් ඇති විය හැකි යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
ඒ හේතුවෙන් සහල් සංචිතයක් පවත්වාගෙන යාමට රජය තීරණය කර තිබෙන බවයි ඔහු කියන්නේ. එහෙත් මුලින් පැවසූ ලෙස සැප්තැම්බර්, ඔක්තෝබර්, නොවැම්බර් මාස වල සහල් හිඟයක් ඇති නොවුණු ඇතැයි අමාත්‍යවරයා සඳහන් කරනවා.