අවුන්සාන් සූකීට තවත් වසර 06ක සිර දඬුවම්

බලයෙන් පහකරන ලද මියන්මාරයේ නායිකා, අවුන් සාන් සුකී ට එරට අධිකරණයක් විසින් නැවත වරක් දඬුවම් කර තිබෙනවා.

හිටපු නායිකාව මේ වනවිටත් වසර 11ක සිරදඬුවමක් විඳින අතර නව අධිකරණ නියෝගය අනුව ඊට තවත් වසර 6ක් එක් කෙරුණා.

අධිකරණ ලබා දුන් තීන්දුව අනුව ඇයව දූෂණ චෝදනාවකට වැරදිකරු කරනු ලැබුවා. 77 හැවිරිදි වියේ පසුවන අවුන් සාන් සුකී සියලු චෝදනා ප්‍රතික්ෂේප කර ඇති අතර ඇයගේ නීතිඥයින් පැවසුවේ අධිකරණ තීරණයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන බවයි.

POPULAR

Recent articles