මේ වන විට සංගප්පූරුවේ රැඳී සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හෙට (11) තායිලන්තයට පැමිණීමට අපේක්ෂා කරන බව රෝයිටර් ජාත්‍යන්තර පුවත් සේවය වාර්තා කරනවා.
එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ හිටපු ජනාධිපතිවරයා සිංගප්පූරුවෙන් පිටත්ව හෙට (11) දිනයේදී තායිලන්තයේ බැංකොක් අගනුවරට යාමට අපේක්ෂා කරන බවයි.
එල්ලවූ මහජන විරෝධතා මැද හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මාලදිවයින හරහා සිංගප්පූරුව වෙත පලායනු ලැබුවේ පසුගිය ජුලි 14 වනදා යි.