”විදුලි බිල වැඩිවන හැටි අඟහරුවාදා ප්‍රකාශ කරනවා” – මහජන උපයෝගිතා කොමිෂන් සභාව

ඉහළ දැමෙන විදුලි බිලෙහි මිල ගණන් ලබන අඟහරුවාදා ප්‍රකාශයට පත් කරන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසනවා.

එහි සභාපති ජනක රත්නායක පවසනේ ඉහල දැමෙන විදුලි බිලෙන් අඩු ආදායම් ලාභීන්ට සහනයක් ලබාදෙන්නේ දැයි මහා භාණ්ඩාගාරයෙන් විමසීමක් කළ ද ඒ සඳහා මෙතෙක් ප්‍රතිචාර දක්වා නොමැති බවයි.

ජල විදුලි නිෂ්පාදනය සියයට 60 දක්වා ඉහල දැමීමට හැකි වුවහොත් දෛනික විදුලි කප්පාදුව නතර කළ හැකි බව මෙහිදී ප්‍රකාශ කෙරුණා. මේ අතර අද දිනයේ ද විදුලි කප්පාදුවක් සිදු නොකරන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව සදහන් කර සිටිනවා.

POPULAR

Recent articles