නවසීලන්ත මහ කොමසාරිස් හා අනුර දිසානායක හමුවෙයි

ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් Michael Appleton සහ ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක අතර හමුවක් අද (04) දින පස්වරුවේ ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේදී සිදුවුණා.

මෙම හමුව සඳහා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් සහ නියෝජ්‍ය මහ කොමසාරිස් Andrew Traveller සහ එම කාර්යාලයේ ප්‍රතිපත්ති උපදේශිකා සුමුදු ජයසිංහ එක්ව සිටියා.

මෙහිදී මේ වන රට තුළ පවතින ආර්ථික සහ දේශපාලන තත්වය පිළිබඳව සාකච්ඡා කරන ලද අතර ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති පිළිබඳවද සාකච්ඡා කෙරුණා. එසේම මෙහිදී දෙපාර්ශ්වය අතර අනෝන්‍ය අවබෝධය වැඩි කර ගැනීම සම්බන්ධයෙන්ද අවධානය යොමු වී තිබුණා.

POPULAR

Recent articles