22 වන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල නියෝජනය කිරීම සඳහා මෙරටින් පිටත්වගිය කණ්ඩායමේ දෙදෙනෙකු අතුරුදන්වී තිබෙනවා.
ශ්‍රී ලංකා කණ්ඩායමේ ජූඩෝ ක්‍රීඩිකාවක් හා ජූඩෝ කණ්ඩායම් කළමණාකරුවෙක් එලෙස ක්‍රීඩා ගම්මානයෙන් අතුරුදන්වී ඇති බවයි සඳහන් වන්නේ.
මේ සම්බන්ධයෙන් බර්මිංහැම් මෙට්‍රොපොලිටන් පොලීසිය හා ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුව පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
Related

එළඹෙන 28වනදා ආරම්භවන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම නම් කර තිබෙනවා. එය 15 දෙනෙකුගෙන් සමන්විත වන අතර මෙම සංචිතයේ නායකත්වය දරනු ලබන්නේ චමරි අතපත්තුයි. ඒ අනුව එංගලන්තය සමගින් පැවැත්වෙන පළමු තරගය ලබන 30වෙනිදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මීටර් 100 ඉසව්වේ 6වන මූලික තරඟයෙන් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් සමත් වී තිබෙනවා. ඒ අනුව යුපුන් අබේකෝන් මීටර් 100 තරඟය තත්පර 10.06කින් නිමකර අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත්වීම විශේෂත්වයක් වනවා. මීටර් 100 අවසන් පූර්ව තරගය හෙට (03) ශ්‍රී ලංකා වේලාවෙන්…

එංගලන්තයේ බර්මින්හැම්හි පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලට සහභාගි වීමට ගොස් අතුරුදන්වූ ශ්‍රී ලංකා නිලධාරීන් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිවුදෙනකු සොයා ගැනීම සඳහා එංගලන්තයේ මෙට්‍රොපොලිටන් සහ බටහිර මිඩ්ලන්ඩ්ස් පොලිස් ස්ථාන සමත්ව ඇති බවයි කියන්නේ. අතුරුදන්ව සිටින නිලධාරීන් සහ ක්‍රීඩකයන්ගේ සියලු තොරතුරු ශ්‍රී ලංකා බලධාරීන් විසින් එම පොලිස් ඒකක වෙත භාරදී ඇති බවත්…