මැතිවරණ කොමිෂන් සභාව විසින් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවලට කැඳවීමක් සිදු කර තිබෙනවා.
එහි සභාපති නීතිඥ නිමල් පුංචිහේවා සඳහන් කරන්නේ එළඹෙන සඳුදා පෙරවරු 10.00ට මෙම කැඳවීම සිදු කර ඇති බවයි.
පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මැතිවරණ නීති සංශෝධනය සඳහා ක්රියාත්මක වූ කාරක සභා වාර්තාවේ යෝජනා පිළිබඳව මෙහිදී පක්ෂ ලේකම්වරුන් සමග සාකච්ජා කිරිමට නියමිතව ඇති බව සභාපතිවරයා සඳහන් කර සිටිනවා.