ශ්රී ලාංකික දෙමාපියන්ට දාව මෙරටදී උපදින දරුවන්ට උපතේදී නිකුත් කරන උප්පැන්න සහතිකයට, ජාතික හැඳුනුම්පත් අංකය ඇතුලත් කිරීමට තීරණය කර ඇති බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඒ අනුව එම තීරණය අද (2022 .08.01) දින සිට ආරම්භ කිරීමට නියමිතයි.
ආරම්භක අවස්ථාවේ නියමු වැඩසටහනක් ලෙස ගම්පහ, දෙහිවල, හඟුරන්කෙත, කුරුණෑගල, රත්නපුර, හා තමන්කඩුව යන ප්රාදේශීය ලේකම් කාර්යාල සඳහා ක්රියාත්මක කිරීමට පියවර ගෙන තිබෙනවා.
උප්පැන්න සහතික ලබා ගත සියලු පුරවැසියන්ට වයස අවුරුදු 15 එළඹීමෙන් පසු ජාතික හැඳුනුම්පත ලබා ගැනීම සඳහා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් කරන ඉල්ලිමකදී අදාල අංකය අනුව ජාතික හැඳුනුම්පත ලබා ගත හැකි බවද සඳහන්.