”ඉන්දීය සාගරය තුළ බල අරගලවලදී ලංකාව කිසිදු පාර්ශ්වයක් වෙනුවෙන් පෙනී නොසිටිය යුතුයි” – දෙමළ ජාතික සන්ධානය

ඉන්දීය සාගරය තුළ බල අරගලවලදී ශ්‍රී ලංකාව කිසිදු පාර්ශ්වයක් වෙනුවෙන් පෙනී නොසිටිය යුතු බවයි දෙමළ ජාතික සන්ධානය පවසන්නේ. ඒ, හම්බන්තොට වරායට පැමිණීමට නියමිත චීන යාත්‍රාව සම්බන්ධයෙන් සිය පක්ෂයේ ස්ථාවරය පැහැදිලි කරමින්.

ඉන්දීය සාගරය තුළ චීන හමුදා ක්‍රියාත්මක වීම යනු ඉන්දියාවට ආරක්ෂාව සම්බන්ධයෙන් නීත්‍යානුකූල අවධානයක් යොමුකිරීමට හේතුවක් වන බවයි ඔවුන් පවසන්නේ. ශ්‍රී ලංකාව තුළ චීන හමුදා සඳහා අවකාශ සැලසීමෙන් එම තත්ත්වය තහවුරු නොකළ යුතු බවද පවසන්නේ.

වයඹදිග ඉන්දීය සාගර කලාපයේ අභ්‍යවකාශ හා චන්ද්‍රිකා ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීමට පැමිණෙන Yuan Wang 5 යාත්‍රාව හම්බන්තොට වරායට පැමිණීමට නියමිත වීමත් සමඟ ඒ සම්බන්ධයෙන් ඉන්දියාව හා චීනය අතර මතභේදාත්මක තත්ත්වයක් මේ වනවිට උද්ගතව තිබෙනවා. අදාළ යාත්‍රාව එළඹෙන අගෝස්තු 11 වනදා හම්බන්තොට වරායට පැමිණෙන්නේ ඉන්ධන ඇතුළු මූලික පහසුකම් ලබාගැනීමට බවයි කියන්නේ. එය ඒ වෙනුවෙන් සතියක කාලයක් වරායේ නැංගුරම්ලා තැබීමට නියමිතයි.

චීනය සහ ඉන්දියාව අතර මතභේදයක් ඇතිකර තිබෙන මෙම යාත්‍රාව හම්බන්තොට වරායට පැමිණීම සඳහා අවසර ඉල්ලා ඇති බව ආරක්ෂක අමාත්‍යාංශයද තහවුරු කළා.

POPULAR

Recent articles