ජාතික ජන බලවේගයේ පාපැදි සමාජය විසින් බයිසිකල් රැළියක් සංවිධානය කර තිබුණා. අනුරාධපුර දිස්ත්‍රික් පාපැදි සංගමයේ, මග පෙන්වීම යටතේ පැවති මෙම බයිසිකල් රැළියේ තේමාව වී තිබුණේ ‘පාපැදියෙන් ජයග්‍රහණය හා විසඳුම කරා’ යන්නයි.
කිලෝ මීටර් 100ක දුරකින් සමන්විත වූ මෙම රැළිය සදහා බයිසිකල් පැදීමට කැමති ඕනෑම කෙනෙක්ට ඕනෑම බයිසිකලයකින් සහභාහී වීමට අවස්ථාව සලසා දී තිබුණා. ඊට 500ක පමණ පිරිසක් සහභාගී වී තිබූ අතර ඔවුන්ගෙන් 385ක් රැළිය සදහා ඊට පෙර සිටම ලියාපදිංචිව සිටිබවයි කියන්නේ.
අනුරාධපුර නගරයේ කඩ පනහ අසලින් ආරම්භ වූ රැළිය, නෙල්ලුක්කුලම, කරවක්කුලම, මිහින්තලය, රඹෑව හරහා අනුරාධපුරයේ යාපනයේ හංදියෙන් පළමු 50km අවසන් කළා. එතැන් පටන් මාතලේ හංදිය, පුලියංකුළම, කොළගස් හංදිය, වටවැව, ලොලුගස් හංදිය, තිසාවැව හරහා රෝහල පෙදෙසට පැමිණ 25kmක් ගෙවා තිබුනා. ඉතිරි දුර ප්‍රමාණය ජර්මන් පාලම අසලින් ආරම්භ කර, මිහිදුපුර, ජයන්තිපුර, දහයියාගම, කූම්බිච්චාන්කුලම හරහා යලි අනුරාධපුරයෙන් රැළිය අවසන් කර තිබුණා.
“අපේ රටේ ජනතාව දැන් බයිසිකලය තමන්ගේ ප්‍රවාහන මාධ්‍ය කරගෙන තියෙනවා. හැබැයි ඒ තමන්ගේ ශරීර සෞඛ්‍ය හෝ මානසික සුවය ගැන හිතලා නෙමෙයි. දැන් මිනිස්සු බයිසිකල් භාවිතා කරන්නේ වෙන කරන්න දෙයක් නැති නිසා. වාහන තියෙන අයට ප්‍රමාණවත් තරමට පෙට්‍රල් හෝ ඩීසල් නැහැ. අවශ්‍ය වෙලාවට ඒවා ගන්නත් නැහැ. ඒ නිසා දැන් බොහෝ පිරිසක් බයිසිකලය තමන්ගේ දෛනික ප්‍රවාහන මාධ්‍ය කරගෙන. හැබැයි ඒ ගැනවත් ආණ්ඩුවට සැලසුමක්, වැඩපිළිවෙලක් නැහැ. අපේ රටේ විධිමත් පාපැදි ධාවන තීරු නැහැ. ඒ නිසා අපේ බයිසිකල් පැදිල්ල ජීවිතයත් මරණයත් අතර සටනක්. අපිට බයිසිකල් පදින්න වෙලා තියෙන්නේ මාරක ළිදේ බයිසිකල් පදිනවා වගේ අවදානමකින්.
ඒ කොහොම වුනත් මේ අලුත් ප්‍රවනතාව යහපත්. දැන් වෙන්න ඕනේ මේ අලුත් ප්‍රවණතාවයට ආණ්ඩුව සහයෝගය දෙන එක. මිනිස්සු බයිසිකල් පදින්න ගත්තහම දැන් බයිසිකල් ගිනි ගණන් ගිහින්. කලින් චලියක්, තැපැල් නයින්ටියක් ගත්ත ගානටත් වඩා වැඩියි බයිසිකලයක මිල. ඒකට මූලික හේතුව ආනයනික බයිසිකල් සඳහා වන අධික බදු ගැහීම. හැබැයි අපි දන්නවා දේශීය නිෂ්පාදකයෝ ගණනාවක් මෙටරදීම බයිසිකල් නිෂ්පාදනය කරන බව. ඒ අයට පුළුල් ආර්ථික සහන දීම ආණ්ඩුවේ වගකීමක්.
මේ සියලු කාරනා ගැන සමාජයේත් බලධාරීන්ගේත් අවධානය ගන්න තමයි අපි මේ බයිසිකල් සවාරිය සැලසුම් කරලා ඊට එක් වුණේ” යි මීට එක්වූ වසන්ත සමරසිංහ මහතා පවසනවා.