“කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වීමට සූදානම්” – අග්‍රාමාත්‍ය කාර්යාලය

සර්ව පාක්ෂික රජයක් පිහිටුවීමට එකඟත්වයක් ඇතිවූ වහාම, අමාත්‍ය ධූරවලින් ඉල්ලා අස්වී නව රජයට වගකීම් භාරදීමට කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් පිරිසක් එකඟතාව පළ කර ඇති බව අග්‍රමාත්‍ය මාධ්‍ය අංශය පවසනවා.

ඒ අනුව සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමෙන් අනතුරුව අමාත්‍ය මණ්ඩලය ඉවත්වී එම වැඩපිළිවෙළට සහාය ලබාදීමට මෙම සාකච්ඡාවේදී වැඩිදුරටත් තීරණය කර තිබෙනවා.

කෙසේ නමුත් අද (11) පෙරවරුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවකින් අනතුරුව අදහස් දැක්වූ විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා සඳහන් කළේ, සියලුම කැබිනට් අමාත්‍යවරුන් ඉල්ලා වන බවයි.

POPULAR

Recent articles