අද (17) දිනයේ මෙරට පෞද්ගලික බස් රථ ධාවනය ඉතා අඩු වී ඇති බව සමස්ත ලංකා පුද්ගලික බස් සමාගම් සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් පවසනවා.
ඊයේ (16) හා පෙරේදා (15) දිනයේ දී පෞද්ගලික බස් රථ 30%ක පමණ ප්‍රමාණයක් ධාවනය කළත් අද (17) වන විට එය 15%ක් දක්වා අඩු වී ඇති බවද, ඉන් වැඩිම ප්‍රතිශතයක් කෙටිදුර ධාවන බස් රථ වන අතර දුර සේවා බස් රථ 10% ට වඩා අඩු වී ඇති බවද ඔහු පවසනවා.
ලේකම්වරයා වැඩිදුරටත් පවසන්නේ පොදු ප්‍රවාහන සේවයට අවශ්‍ය ඉන්ධන ලබාදීමට රජය අපොහොසත් වීම නිසා මෙම තත්ත්වය ඇතිව තිබෙන බවයි.