ඉන්දියාවෙන් ලබාගත් ඩොලර් මිලියන 700ක ණය පහසුකමට අදාළව ලැබෙන අවසන් ඩීසල් නැව අද (16) කොළඹට ළඟාවීමට නියමිතව තිබෙනවා.
එම නෞකාවෙන් රැගෙන එන ඩීසල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 40,000 කි.
කෙසේවෙතත් පෙට්‍රල් නැවක් පැමිණෙන නිශ්චිත දිනයක් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැත.
අද (16) පැමිණෙන නෞකාවේ ඩීසල් බෙදා හැරීමේ කටයුතු සඳහා තවත් දින 03 ක් පමණ ගතවනු ඇතැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ප්‍රකාශකයෙකු මාධ්‍ය වෙත සඳහන් කර තිබෙනවා.