ඩෙංගු රෝගීන්ගේ සීග්‍ර වැඩිවීමක්

පසුගිය සති කිහිපයේ ඩෙංගු රෝගීන්ගේ සීග්‍ර වැඩිවීමක් වාර්තා වන බව ජාතික ‍ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කරන්නේ මැයි මාසයේ පමණක් ඩෙංගු රෝගින් ‍6,684 ක් හඳුනාගත් බවයි.

මේ මාසයේ මුල් දින දෙක තුළ පමණක් ඩෙංගු රෝගීන් 512 ක් වාර්තාවන බව ද ඔහු ප්‍රකාශ කර සිටිනවා.

එමෙන්ම විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පැවසුවේ ඩෙංගු රෝගය සීග්‍රයෙන් ව්‍යාප්ත වන අධි අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 27 ක් හඳුනාගෙන ඇති බවයි.

වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගින් ‍24,717 ක් වාර්තා වී ඇති බවද ඔහු පෙන්වා දෙනවා.

තම අවට පරිසරය පිරිසිදුව තබා ගැනීමෙන් ඩෙංගු මදුරුවන් බෝවීමෙන් වළක්වා ගත හැකි බවද විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර වැඩි දුරටත් කියා සිටිනවා.

POPULAR

Recent articles