ගාලුමුවදොර සාමකාමී මහජන අරගලයට පහරදීමේ සිදුවීමට අදාළව වසන්තා හඳපාන්ගොඩ ඇතුළු හය දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් පිරිස අතර මොරටුව නගරාධිපතිවරයාගේ පුත්‍රයා, නගර සභා කම්කරුවන් තිදෙනෙක්, කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්රීවරයෙක්ද ඒ අතර වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව සඳහන් කරනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ අදාළ සැකකරුවන් හා සැකකාරිය අද (01) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවයි.