ඊයේ (23) මධ්‍යම රාත්‍රියේ හා අද (24) අලුයම සිට ඉන්ධන මිල ඉහල දැමීම හේතුවෙන් පෞද්ගලික බස් ගාස්තුද ඉහල නංවන බව කියනවා.
පෞද්ගලික බස් රථ හිමියන් පවසන්නේ 25% සිට 30% දක්වා අතර ප්‍රමාණයකින් බස් ගාස්තු ඉහල දැමිය යුතු බවයි.
සංශෝධිත නව ගාස්තු පිළිබඳව තොරතුරු අද (24) දිනය තුළ ලබා දීමට හැකි බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගම් කියා සිටිනවා.