පසුගිය 09වෙනිදා එල්ල වූ ගෝල්ෆේස් ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අද(19) පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID)ට කැඳවා තිබෙනවා.
මේ ප්‍රහාරය පිළිබඳව බස්නාහිර පළාත බාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන් ප්‍රකාශයේ සඳහන් කරුණු සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගෙන් විමසීමට නියමිත බව පොලිස් දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කර ඇත්තේ.
නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මානව හිමිකම් කොමිෂන් සභාවටත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් පවසා තිබුණේ අදාළ ප්‍රහාරය වැළැක්වීමට කටයුතු කිරීම පොලිස්පතිවරයා වැළැක්වූ බවයි. ඉන්පසු ජනාධිපතිවරයාට මේ බව දැනුම් දුන් පසු, පොලිස්පතිවරයාගේ නියෝගය නොසලකා කටයුතු කිරීමට උපදෙස් ලැබුණු බවත්, ඒ අනුව කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළ බවත් ඔහු පවසා තිබුණා.
එහෙත් මීට ප්‍රතිවිරුද්ධ කතාවක් රමේෂ් පතිරණ මන්ත්‍රීවරයා ඊයේ (18) පාර්ලිමේන්තුවේ දී පවසා තිබිණි. ඔහු පෙන්වා දී තිබුණේ ගැටුමක් ඇතිවීමට දේශබන්දු තෙන්නකෝන් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉඩ දුන් බවයි.