යුක්‍රේනයේ මරියපෝල් වරාය නගරය යටත් කර ගැනීම සඳහා මාස තුනකට ආසන්න කාල සීමාවක් පැවති සටන අවසන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ යුක්‍රේන හමුදා සාමාජිකයින් මරියපෝල් නගරයෙන් ඉවත්ව යාමත් සමඟයි.
මේ අතර, යුද්ධය අවසන් කිරීම සඳහා රුසියාව හා යුක්‍රේනය අතර පැවැත්වූ සාකච්ඡා ද අත්හිටුවා තිබෙනවා.
කෙසේ වුවද රුසියාව දිගින් දිගටම යුක්‍රේනයේ අනෙකුත් නගර වෙත ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කරමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.