“ආර්ථික ප්‍රශ්නය තවත් උග්‍ර වී ව්‍යාපාර, කඩ සාප්පු සියල්ලම වසා දමන තත්ත්වයකට රට පැමිණිය හැකියි” – රනිල් වික්‍රමසිංහ

ඉන්දියාවෙන් ලැබෙන ණය මුදල මැයි මාසයේදී අවසන් බව වාර්තා වෙනවා. එහෙත් අලුත් ණයක් ලැබෙන ආකාරයක් තාම දක්නට නැති බව හිටපු අග්‍රාමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ පවසනවා.

මෙම තත්වය හේතුවෙන් ආර්ථික ප්‍රශ්නය තවත් උග්‍ර වී ව්‍යාපාර, කඩ සාප්පු සියල්ලම වසා දමන තත්ත්වයකට රට පැමිණිය හැකි බවයි ඔහු කියන්නේ. පවතින ප‍්‍රශ්නයට විසදුම් සෙවීම තවත් කල් දමන්නට හැකියාවක් නැති බවත් පාර්ලිමේන්තුව වෙත මූල්‍ය බලය ලබාගෙන සියලු දෙනාගේ අදහස් අනුව ඉදිරි පියවර ගතයුතුව ඇතැයි මන්ත්‍රීවරයා සඳහන් කරනවා.

POPULAR

Recent articles