නුගේගොඩ මිරිහාන ප්‍රදේශයේ ඇතිවූ කලහාකාරී තත්ත්වය සම්බන්ධයෙන් හිටපු ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ නායක සහ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වූ සනත් ජයසූරිය අදහස් පළකර තිබෙනවා. මිනිසුන් ලෙස එකතු වී අප වෙනුවෙන්, අපේ දරුවන් සහ මතු පරපුර වෙනුවෙන් නැගී සිටින්නැයි ඔහු පවසනවා.
“පසුගිය මාසය තුළ අපි ශ්‍රී ලංකිකයින් එක්ව නිහඬව දුක් වින්දෙමු. සෑම දෙයක්ම සහ සෑම කෙනෙකුටම බිඳෙන ලක්ෂ්‍යයක් ඇත. අපි ඒ තත්ත්වයට පැමිණ තිබෙනවා.ඊයේ උද්ඝෝෂණ අහිංසක මිනිසුන් පීඩාවට පත්කිරීමේ සහ අසාධාරණ පීඩනයේ ප්‍රතිඵලයක්.
කිසිවිටෙක ජාති ආගම් කුල භේදයෙන් හෝ පක්ෂ දේශපාලනයෙන් නොබෙදෙමු. අපි එක මිනිසුන් ලෙස එකතු වී අප වෙනුවෙන්, අපේ දරුවන් සහ මතු පරපුර වෙනුවෙන් නැගී සිටිමු.
WakeUpSriLanka
එය අප ගැන මිස ඔවුන් ගැන නොවේ
සාමකාමීව උද්ඝෝෂණ කරන්න, පොදු දේපළවලට හානි නොකරන්න, කරුණාකර ඔබේ සහෝදර සහෝදරියන්ට හානියක් නොකරන්න. මේක කැරලි ගැසීමක් නොව නිවැරදි දේ අදහස් පල කිරීමක් පමණයි” ඔහු සඳහන් කරනවා.