නව තාක්ෂණය උපයෝගී කර ගනිමින් මෙරට ජාන මංකොල්ලය වැළැක්වීමට පියවර ගන්නා බව වනජීවි අමාත්‍ය සී.බී. රත්නායක පවසනවා.
අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ ලංකාවට ආවේනික ජානමය වටිනාකමකින් යුත් ශාක හා සත්ත්ව විශේෂ කිහිපයක් සමග ජර්මන් ජාතිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම පිළිබඳව අදහස් පලකරමිනුයි.