ශ්‍රී ලංකාවේ රැඳී සිටින රුසියානු හා යුක්‍රේන සංචාරකයින්ගේ වීසා කාල සීමාව අය කිරීමකින් තොරව මාස 2ක කාලයක් සඳහා දීර්ඝ කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා.
ඒ සංචාරක අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවක් අනුවයි.
කෙසේ වුවද මේවන විට ශ්‍රී ලංකාව තුල රුසියානු සංචාරකයින් 11,463ක් හා යුක්රේන සංචාරකයින් 3,993 දෙනෙකු රැඳී සිටිනවා.