යුක්රේනය තුළ යුදමය තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් එහි රැඳීසිටින ශ්‍රී ලාංකිකයන් ආරක්ෂිතව මෙරටට ගෙන්වා ගැනීමේ කටයුතු සම්බන්ධීකරණය කිරීමට පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය පවසනවා.
ඒ අනුව ඒ සඳහා සුදුසු පියවර ගන්නා ලෙස අන්කාරා හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට විදේශ අමාත්‍යංශය උපදෙස් ලබා දී ඇති බව නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කරනවා.
මේ පිළිබඳව තොරතුරු දැනගැනීම සඳහා යුක්රේනයේ සිටින ශ්‍රී ලාංකිකයන්ට අන්කාරා හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ස්ථාපිත පැය 24 (24×7) පුරා ක්‍රියාත්මක වන ක්ෂණික දුරකථන ඇමතුම් අංක කිහිපයක් ද හඳුන්වා දී තිබෙනවා.
ඒ අනුව +90 534 456 94 98 හෝ +90 312 427 10 32 දුරකථන මාර්ග ඔස්සේ සම්බන්ධ වී අවශ්‍ය තොරතුරු ලබාගැනීමේ හැකියාව පවතින අතර [email protected] යන විද්‍යුත් ලිපිනය හරහා ද සම්බන්ධවී තොරතුරු ලබාගත හැකි බවයි විදේශ අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.